අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ කසළ කළමනාකරණය විධිමත් කිරීමට පියවර ගැනේ

    සැප්තැම්බර් 17, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කයේ කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ව්‍යවසායකයින් සම්බන්ධ කරගනිමින් වඩාත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කසල ප්‍රතිචක්‍රීකරණය කොට ආර්ථික ලාභයක් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් මේ කාර්ය සඳහා සම්බන්ධ කිරගැනීමට අපේක්ෂා කරේ. ඒ අනුව දිස්ත්‍රික්කයේ වසම් මට්ටමින් හෝ විධිමත්ව හඳුනාගන්නා ස්ථානයක කසල අංගන ස්ථාපිත කිරීමට කටයුතු කරන අතර එම අංගන සඳහා කසල වර්ග කොට වෙන් වෙන්ව බාරගැනීමට නියමිතය. එසේ වෙන් කර ගන්නා කසළ විකිණීම සඳහා වෙළඳපල අවස්ථා හඳුන්වා දීමට ද කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ දිනකට කසළ ටොන් 80 ක් එකතු කරන අතර ඉන් ටොන් 40 ක් ම නොදිරන ද්‍රව්‍ය වේ. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් කසල එක් රැස්කිරීම සිදුකළ ද පවත්නා කම්කරු හිඟය මත විධිමත් පරිදි කසළ කළමනාකරණය සිදුකිරීමට බාධාපවතී. එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල කසල එක්රැස් කිරීම ද සිදු නොකෙරේ.


    මෙම වැඩසටහන නිසි පිරිදි ක්‍රියාත්මක කිරීමට හැකිවුව හොත් දිස්ත්‍රික්කයේ කැලි කසළ ප්‍රශ්නයට විධිමත් විසඳුමක් ලැබෙන අතරම කසළ ප්‍රතිචක්‍රීය කිරීම සඳහාම ව්‍යවසායකයන් පිරිසක් ද නිර්මාණය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.


    දිස්ත්‍රික්කය තුළ විසිරී සිටින කසල ප්‍රතිචක්‍රීකරණයට සම්බන්ධ ව්‍යවසායකයින් පිරිසක් අමතමින් දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya