අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් දේශීය අලවර්ග ප්‍රදර්ශනය කෙරෙන මංගල්‍යයක්

    සැප්තැම්බර් 14, 2018

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ වගාකරන දේශීය අල වර්ග 68 කින් යුක්ත දේශීය අලවර්ග ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.

    අල වර්ග 68 ක් වගා කරන ලෝකයේ එකම ප්‍රදේශය වන්නේ ද කෑගල්ල දිස්ත්‍රික්කය බව සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ජාතික වශයෙන් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනයක් මඟින් අල ගොවීන්ට දේශීය මෙන්ම විදේශීය වටිනාකමක් ද හිමිවනු ඇති බවත් ප්‍රකාශ කළේය.

    විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ අල ගොවියන් අපනයන මට්ටමේ ව්‍යවසායකයන් බවට පත්කිරීම සඳහා මෙවැනි දේශීය අල මංගල්‍යයක් වඩාත් වැදගත් වනු ඇත. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට සහභාගී වෙමින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළකළේය.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya