Print this page

''බිසෝවැඩිගම''ආදර්ශ ගම්මානය අනිද්දා (16) ජනතා අයිතියට

සැප්තැම්බර් 14, 2018

අම්පාර දිස්ත්‍රික්කයේ, දමන, ජයන්තිපුර ඉදි වූ ''බිසෝවැඩිගම'' උදා ගම්මානය, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැමිබර් මස 16 වනදා පෙ.ව 8.00ට ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

''සැමට සෙවණ'' උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 124 වන උදාගම්මානය මෙය වෙයි.

බිසෝවැඩිගම ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව පවුල් 23ක් සඳහා නිවාස හිමිකම සහ රුපියල් ලක්ෂ 74.52 ක් පමණ වටිනා සංවර්ධිත බිම් කොටස් 23 ක හිමිකම ලබාදීමට නියමිතය.


මෙහිදී ප්‍රතිලාභීන් 100ක් සඳහා රුපියල් ලක්ෂ 100ක් වටිනා විසිරි ණය චෙක්පත් ප්‍රදානය කෙරෙන අතර , වකුගඩු රෝගීන් සඳහා රුපියල් ලක්ෂ 70ක් වටිනා නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීමටද නියමිතය.

තවත් ප්‍රතිලාභීන් 50ක් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා නිවාස ණය- ආධාර චෙක්පත් ප්‍රදානයකෙරෙන අතර ප්‍රතිලාභීන් 100ක් සඳහා සොඳුරු පියස ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 200ක් වටිනා ණය ප්‍රදානය කෙරේ. තවද ආර්.ඩී.බී. බැංකුව මගින් ස්වයං රැකියා ණය ප්‍රදානය කෙරෙන අතර දෘෂ්ඨි ආබාධ සහිත වූවන් සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමටද නියමිතය.