Print this page

ගෘහස්ත සුර්ය බලාගාර දස ලක්ෂයක් ස්ථාපිත කිරීමට රුපියල් කෝටි 800ක්

සැප්තැම්බර් 14, 2018

වහල මත සවි කරන ගෘහස්ත සුර්ය බලාගාර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් කෝටි 800ක මුල්‍යමය ආධාර ලබා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ වහල මත සවිකරන ගෘහස්ත සුර්ය බලාගාර ලක්‍ෂ දහයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කරයි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ලෙස මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.

අඩු අදායම් ලාභීන්ට මෙම වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් හදුන්වා දෙනු ලබන අතර අක්‍රමිකතා වැළැක්වීම සඳහා ගෘහස්ත සුර්ය බලාගාරයේ උපරිම ධාරිතාව කිලෝ වොට් 50කට සීමා කිරීමට ද පියවර ගෙන ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.