Print this page

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ගාල්ලේ පාරම්පරික කර්මාන්ත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

අගෝස්තු 10, 2018

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය වැඩසටහන මගින් ගාල්ල දිස්ත්‍රික්කයේ පාරම්පරිකව පවතින ග්‍රාමීය කර්මාන්ත රැක ගැනීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ යටතේ නිෂ්පාදන සේවා අභිමුඛ ගම්මාන 5ක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින් තෝරා ගනි. එම ගම්මානවල ඇති විශේෂ වැදගත්කමකින් යුත් පාරම්පරික කර්මාන්ත ප්‍රවර්ධනය තුළින් ගම්වාසීන්ගේ ආර්ථිකය දියුණු කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සිදු කරයි.

ස්වර්ණාභරණ කර්මාන්තය, කොහු ලණු හා පාපිසි නිෂ්පාදනය , පන් කර්මාන්තය, ලී කැටයම්, මැණික් කැපීම, බීරළු රේන්ද සහ බතික් කර්මාන්තය ආදී වර්තමානයේ අභියෝගයට ලක්ව ඇති ග්‍රාමිය කර්මාන්ත සඳහා ගම්මාන තෝරා ගනිමින් ඒවා සංවර්ධනය කිරීමට අරමුණ කරගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම්ඒ කකය පෙන්වා දෙයි.

නිෂ්පාදන කාර්යයයේදී සිදු වන ගැටළු, අලෙවි කිරීමේ දි මුහුණ පාන ගැටළු සඳහා විසඳුම් ලබා දීම හා නිෂ්පාදනයන්ට අගය එකතු කිරීම මෙහිදි සිදු කරයි.

ස්වර්ණාභරණ කර්මාන්තය රැක ගැනීම උදෙසා අක්මීමණ බටදුව බටහිර ගම්මානයත් , කඩවත් සතර මඩපාතල හා ගල්වඩුගොඩ ගම්මානය මෙන් ම හබරාදුව අහංගම්ගොඩ ගම්මානයත්, සංවර්ධන කිරීමට තෝරා ගෙන තිබේ. දැනට මෙම කර්මාන්තයේ නියැළෙන පිරිස ව්‍යවසායකයන් වශයෙන් නගා සිටුවීම මෙහිදි සිදුවේ. කොහු ලණු නිෂ්පාදනයේදී ද කර්මාන්තයක් වශයෙන් අභියෝගයකට ලක්ව ඇති අවස්ථාවක රාජ්‍ය අනුග්‍රහය යටතේ බලපිටිය මාදුව සහ මහකරාව ගම්මානත් හබරාදුව කහවතුගොඩ ගම්මානනයත් සංවර්ධනය කිරීම සිදු කෙරේ .

දැනට විනාශ මුඛයට ගොස් ඇති පන් කර්මාන්තය නගා සිටුවීම යටතේ බෙන්තොට ඇටවලවත්ත නැගෙනහිර ගම්මානය, ලී කැටයම් කලාව සඳහා බෝපෙ පෝද්දල මාම්පිටිය ගම්මානය සහ හික්කඩුව නැගෙනහිර ගම්මානය මෙම ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ ඉලක්ක ගත ග්‍රාමිය ප්‍රදේශයන් ය.

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහ හපුගල මැණික් ගල් කැපීම සඳහා නිෂ්පාදන සේවා ගම්මානයක් ද ඉදි කිරිමට නියමිතය. බතික් කර්මාන්තය නැංවීමේ අරමුනින් හික්කඩුව වවුලගොඩ නැගෙනහිර ගම්මානය සංවර්ධනයට සහ පාත්‍ර කර්මාන්තය හික්කඩුව කටුකොලිහ ගම්මානය ද ඉලක්ක කර ගනිමින් නවක ව්‍යවසායකයන් බිහි කිරීම ද අරමුණු කෙරේ.

ජනාධිපතිතුමන්ගේ ඍජු අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයක් සඳහා නිෂ්පාදන සේවා අභිමුඛ ගම්මාන 3ක් සහ ප්‍රජා පාලිත ගම්මාන 03ක් ස්තාපනය කරමින් ජනතාවගේ දිළිඳු බව තුරන් කරමින් ඔවුන් සාර්ථක ව්‍යවසායකයින්බ වට පත් කිරීම මෙහි අපේක්ෂාව වී ඇති බව දිස්ත්‍රික් සැලසුම්ඒ කකය වැඩිදුරටත් සඳහන් කරයි.

DMU/Galle