Print this page

ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලයට තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක්

ජූලි 12, 2018
ඇහැලියගොඩ ධර්මපාල මහා විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ 180 වැය කර නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
 
පංති කාමර, නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, පරිපාලන ඒකකයක් සහිත මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිකෙරුණු ඇත. මෙම විද්‍යාලයේ 6 වසරේ සිට 13 දක්වා පංති පැවැත්වෙන අතර කළා, වාණිජ, විද්‍යා යන සියළු විෂය ක්ෂේත්‍ර යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ පංති පැවැත්වේ. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්2800 මෙහි අධ්‍යාපනය හදාරන අතර ගුරු භවතුන් 130ක් පමණ සේවය කරති.
 
කලක පටන් මෙම විද්‍යාලයේ පවතින ගොඩනැගිලි හිඟයට මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදිවීමත් සමගම විසඳුම්  ලැබෙන බවද විද්‍යාලයේ විදුහල්පති සුගත් රාජපක්ෂ මහතා පවසයි.
 
සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ආණ්ඩුකාර සහකාර ලේකම් සමේධානි මාතර හේවගේ, රත්නපුර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශාන්ති විජේසිංහ යන මහත්ම මහත්මීන් පසුගියදා මෙම විද්‍යාලයේ  නිරීක්ෂණ චාරිකාවට එක්විය.