Print this page

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක්

මැයි 16, 2018
ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීමේ අරමුණින් රජයේ කාර්යාල සංවර්ධනය කිරීම සඳහා රජය මගින් ගෙනයන වැඩසටහන යටතේ ඉදි කළ දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදී.  
 
ලක්ෂ 450 ක මුදලක් වැය කොට ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල මහල් තුනකින් යුක්තය. ප්‍රාදේශීය මට්ටමින් සේවා සපයන සෑම නිලධාරියෙකුටම මෙම කාර්යාලයේ ඉඩකඩ වෙන් කොට ඇති අතර, ඒ තුළින් ප්‍රදේශවාසීන්ට එකම ස්ථානයකින් තම සේවා ලබා ගැනීමේ පහසුකම් සළසා තිබේ.
 
අංග සම්පූර්ණ ශ්‍රවනාගාරයක්, සහ සියළු සනීපාරක්ෂක පහසුකම්වලින්ද සමන්විතව ඉදි කොට ඇති මෙම ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.