Print this page

ඉඩම් ඔප්පු ප්‍රදානය කෙරේ

අප්‍රේල් 22, 2018

බේරුවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉඩම් නොමැති පවුල් සදහා ඉඩම් ලබාදී ඔප්පු ලබාදීම, සංවර්ධන නිලධාරීන්ට ගමන් මලු ලබාදීම ඇතුලු තවත් සමාජ සත්කාරක සේවා රැසක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.

බේරුවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සමගාමීව මෙම සමාජ සත්කාරක සේවාවන් සිදු විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඉෂ්ඨිකාර් ජමීල්, ප්‍රසන්න සංජීව යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.