Print this page

ගුවන් හමුදාවෙන් ශ්‍රී පාදස්ථානය අවට පිරිසිදු කරයි

පෙබරවාරි 25, 2018
ගුවන් හමුදාවේ 67 වන සැමරුමට සමඟාමීව එළැඹෙන මාර්තු මස 07 සහ 08යන දෙදින ශ්‍රී පාදස්ථානය අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරයි.
 
ඒ අනුව එක් දිනකදී ගුවන් භටයින් 100දෙනෙකු යෙදවීමට නියමිතව ඇත.
 
මීට අමතර ව දිවයින පුරා පිහිටා ඇති සෙසු ගුවන් හමුදා කඳවුරු මගින් ද ප්‍රජා සත්කාර වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට ද කටයුතු යොදා ඇත.