Print this page

2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්

පෙබරවාරි 25, 2018
මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වාරිය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
 
ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම නැව්බඩු නෞකාවන් වේ.
 
එමෙන් ම එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙතින් නැව්ගත කොට ඇත.