Print this page

ඡන්දය ප්‍රකාශ කිරීම ගැන තේරීම් භාර නිලධාරීන් අදහස් දක්වයි

පෙබරවාරි 10, 2018
2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී වව්නියාව දිස්ත්‍රික්කයේ මධ්‍යහ්න 12.00 පමණ වන විට 50% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා අප වෙත පැවසීය.
 
එමෙන් ම වව්නියාව දිස්ත්‍රික්යේ යම් යම් කොට්ඨාසයන් හි ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 50%ඉක්මවා ඇතැයි ද, පළාත් පාලන ආයතන 05ක් වෙනුවෙන් සභිකයින් 103ක් තෝරාපත් කරගන්නා බවත් පෙන්වාදුනි.
 
එමෙන් ම මධයස්ථාන 148ක මැතිවරණය ප්‍රකාශ කිරීම සිදුකෙරෙන බවත් වව්නියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 114599ක් මැතිවරණය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 
එමෙන් ම ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කර සිටියේ 45%ක පමණ ප්‍රතිශතයක් මේ වන විට ඡන්දය ප්‍රකාශ කොට ඇති බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ආයතන 19කට සභිකයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1222ක් ස්ථාපිත කොට ඇති අතර ඡන්ද දායකයින් 1724309ක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිති.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ  ඡන්දය ප්‍රකාශ කිරීම 35%ක් ඉක්මවා ඇතැයි දිස්ත්‍රික් තේරීම්භාර  ඩබ්.එච්. කරුණාරත්න මහතා පැවසීය. පළාත් පාලන ආයතන 12ක් සඳහා සභිකයින් තෝරා පත්කරගැනීම වෙනුවෙන් ඡන්දදායකයින් 479498ක් සුදුසුකම් ලබා ඇති අතර මධ්‍යස්ථාන 443ක ඡන්දය විමසීම් කටයුතු සිදු කෙරේ. 
 

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන අද දින ප.ව. 1.00 වන විට මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 55.2 ක් තම ඡන්දය ප්‍රකාශකර අවසන් බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

 

ගාල්ල දිස්ත්‍රක්කයේ අද දහවල් 12.30 වන විට ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය 50% ඉක්මවා ඇති බවට ගාල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා පවසයි.

 
එමෙන් ම මධ්‍යහ්න 12.00 පමණ වන විට සමස්ත දිස්ත්‍රික්ය තුළ මැතිවරණය ප්‍රකාශ කිරීම 40% - 45%ත් අතර ප්‍රමාණයක් වන බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතා පැවසීය.