Print this page

කන්කසන්තුරෛ වරාය දියුණු කිරීමට ඉන්දියානු සහාය

ජනවාරි 13, 2018
කන්කසන්තුරෛයි වරාය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27(රු.බි. 6.9) ක මූල්‍යාධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කරන ලද බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
 
මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට ඉන්දීය අපනයන හා ආපනයන බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ඩේවිඩ්  රස්කානාත් (Rasquinah) මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා විසින් පසුගිය දින නවදිල්ලියේ දී අත්සන් තබනු ලැබීය.
 
මේ හරහා ශ්‍රී ලංකාව කලාපයේ සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අභිප්‍රාය ශක්තිමත් කරමින් අංගසම්පූර්ණ වාණිජ නගරයක් බවට කන්කසන්තුරෛ වාරාය පත් වනු ඇත. එය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ උත්සාහයට සහායක් වනු ඇත.
 
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම අදියර හයක් යටතේ ක්‍රියාත්මක වන අතර පළමු අදියරයන් 04මේ වන විටත් සම්පූර්ණ කොට ඇත. ඒ යටතේ විස්තරාත්මක ව්‍යාපෘති වාර්තාව සැකසීම, භූ තාක්ෂණික අධ්‍යයන සම්බන්ධ කටයුතු, සන්බුන් ඉවත් කිරීම හා අපහරණය, මඩ කැණීම හා ජලමාන සමීක්ෂණ මෙයට ඇතුළත් වේ.
 
ඉදිරියේ දී ලැබෙන මූල්‍ය ආධාර යටතේ දියකඩනය හා දැනට පවතින ජැටිය පුනරුත්ථානය කිරීම, වාණිජ භාණ්ඩ මෙහෙයුම් සඳහා නව ජැටියක් පිහිටුවීම හා වරාය යටිතල පහසුකම් ස්ථාපනය කිරීම එයට ඇතුළත් වේ.