Print this page

‘කිරන්කුලම’ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

ජනවාරි 13, 2018
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ‍වෙරුගල් ප්‍රාදේශීය සභාවට අයත් ඉච්චලන්පත්තුහි 'කිරන්කුලම' මධ්‍යම ප්‍රමාණයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා යුද හමුදා භට පිරිස් විසින් ආරම්භ කරන ලදි.
 
‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන අත්හැර දමන ලද කෘෂිකාර්මික වැව් 33 ක් අතුරින් මෙම ව්‍යාපෘතිය ද එකක් වන‍ අතර, ඉතා කෙටි කලකදී මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට නියමිතව ඇත.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු රෙජිමේන්තුවට (SLE) අයත් ‍භට පිරිස් විසින් වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට සිදුකරනු ඇත.