Print this page

2017 / 2018 මහ කන්නයේ පොහොර සඳහා මාතරට මිලියන 170 ක්

ජනවාරි 13, 2018
රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017 / 2018 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 170  ක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට බැරකර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.
 
මෙවර අදියර තුනක් යටතේ සහනාධාර මුදල් ලබාදෙන ලද අතර පළමු අදියර යටතේ හෙක්ටයාර 264.57 ක් හෙවත් අක්කර 661.42 ක් වගා කිරීම සඳහා ගොවීන් 678 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 3568750.00 ක මුදලක් තැන්පත් කොට තිබේ.
 
දෙවන අදියර යටතේ හෙක්ටයාර 8553.7 ක් හෙවත් අක්කර 21384.25 ක් වගා කිරීම සඳහා ගොවීන් 19745 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 111,651,250.00 ක මුදලක් තැන්පත් කොට ඇත.
 
තුන්වන අදියර යටතේ හෙක්ටයාර 4220.44 ක් හෙවත් අක්කර 10551.1 ක් වගා කිරීම සඳහා ගොවීන් 10940 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 55,388,750.00 ක මුදලක් තැන්පත් කොට තිබේ.
 
ඒ අනුව 2017 / 2018 මහ කන්නය සඳහා මාතර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 13038.71 ක් හෙවත් අක්කර 32576.77 ක් වගා කිරීම සඳහා ගොවීන් 31363 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 170,608,750.00 ක මුදලක් තැන්පත් කර ඇත.