Print this page

මාතරින් මැතිවරණ පැමිණිලි 94 ක්

ජනවාරි 11, 2018

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයට මේ වන විට මැතිවරණ පැමිණිලි 94 ක් ලැබී ඇති බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී / දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා පවසයි.

නීති විරෝධී දැන්වීම්, කටවුට්, බැනර්, පෝස්ටර්, ධජ පතාක, ස්ටිකර් ප්‍රදර්ශනය කිරීම්, නීති විරෝධී ලෙස භාණ්ඩ බෙදාදීම්, නීති විරෝධී මැතිවරණ කාර්යාල පවත්වාගෙන යාම, රාජ්‍ය නිලධාරීන් දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කටයුතු කිරීම, නීති විරෝධී ආකාරයට සංවර්ධන කටයුතු දේශපාලන පක්ෂ හෝ පුද්ගලයින් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් යොදා ගැනීම සහ මහා මාර්ග ආශ්‍රිතව දේශපාලන ලාංඡන සලකුණු කිරීම ආදී නීති විරෝධී ක්‍රියා රැසක් පිළිබඳව පැමිණිලි ලැබී තිබේ.

මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය දිනපතා පෙ.ව. 8.30 සිට රාත්‍රී 10.00 වන තෙක් විවෘතව තැබෙන අතර එම කාලය තුළ පැමිණිලි බාර ගැනීම හා පැමිණිලි විමර්ශන කටයුතු සිදු කෙරේ.

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා යටතේ මාතර දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කෙරේ.

මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය