මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදාවට ලත් ප්‍රජාවට කූඩාරම් වෙනුවට තාවකාලික නිවාස

    දෙසැම්බර් 16, 2017
    රත්නපුර දිස්ත්‍රික්කයේ  ගංවතුර සහ නාය යෑමෙන් ආපදාවට ලක් වූ ප්‍රජාව සඳහා තාවකාලික නිවාස ඉදිකිරීමට සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) කටයුතු කරයි.
     
    හදිසි ආපදාවන්ට ලක්වූ ප්‍රජාව සඳහා මෙතෙක් භාවිතා කල කූඩාරම් වෙනුවට මෙම තාවකාලික නිවාස ඉදිකිරීමට එම සංවිධානය කටයුතු කර ඇත.
    කූඩාරම්වල පැවැත්ම සහ අව් වැසිවලින් සිදුවන පීඩාව සලකා බලා එම සංවිධානය මගින් මෙම පියවර ගෙන ඇත.
     
    ආපදාවට ලක්වූ ප්‍රජාව වෙත රජය මගින් ලබා දෙන භූමියෙහි මෙලෙස මෙම තාවකාලික නිවාස ඉදිකර ඇති  අතර එක් නිවසක් සඳහා එම සංවිධානය වැය කරන මුළු මුදල රුපියල් එක් ලක්ෂ පනස්දහසකි.(රු.150 000/-)  මෙම පියවර යටතේ මේවන විට නිවාස 59ක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට කටයුතු කර ඇත. මේ සඳහා මූල්‍යාධාර කැනේඩියානු රජය මගින් ලබා දේ. දැනට ඉන් නිවාස 10ක් ඉදිකර ජනතාව වෙත ලබා දී ඇත. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ මුද්දුව, හපුගස්තැන්න ,අළුපොල සහ හෙට්ටිකන්ද යන ප්‍රදේශවලය.
     
    එවන් තාවකාලික නිවාස 49ක් කිරිබත්ගල කන්ද නාය යාමෙන් විපතට පත් ප්‍රජාව වෙනුවෙන් නිවිතිගල දොඹගම්මන ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කරන බව එම සංවිධානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ලසන්ති ප්‍රේමදාස මහත්මිය සඳහන් කරයි.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ රත්නපුර මුද්දූව ග්‍රාම නිළධාරි වසමේ ඉදිකළ තාවකාලික නිවාස නිරීක්ෂණය කිරීමට පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පසුගියදා එක්විය.
     
    ආපදාවට ලක්වූවන් සඳහා පූර්ණ නිවාස හානියකදී ස්ථිර නිවසක් ඉදිකිරීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 12 ලබා දෙයි.
     
    මෙම අවස්ථාවට එම සරණාගතයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ඉදිකිරීම් ඉංජිනේරු හේමනාත් විවරාජ් මහතා ද එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya