Print this page

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයට කුරුණෑගල වැඩසටහන් රැසක්

ඔක්තෝබර් 12, 2017

ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කර්යාලයේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු  ලබන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ජාතික ආහාර නිෂ්පාදන සතිය ලෙස නම් කර ඇති ඔක්තෝබර් 06 සිට 12 දක්වා සතියේ රාජ්‍ය සේවක දිනය ලෙස නම් කර ඇති මෙදින රුක් රෝපණ වැඩසටහනක් ,   දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු නිලධාරීන් වෙත නොමිලයේ පොල් පැලයක් ලබා දීමේ වැඩසටහනක් , බීජ , රෝපණ ද්‍රව්‍ය, කාබනික පොහොර, රසායනික පොහොර හා පොල්, එළවලු , පලතුරු , මල් හා විසිතුරු පැල වර්ග අලෙවි කිරීමේ පොලක් පැවත්වීම සිදුකෙරිණ.

ඊට අමතරව  දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය තුල පලතුරු පැල සිටුවීම හා බදුන්ගත වගා වැඩසටහන,  ශාක රෝග හදුනා ගැනීම හා ශාක පෝෂණය පිළිබද දේශනයක් සහ යහපත් ආහාර පරිභෝජන රටාව සහ ආහාර නාස්තිය අවම කිරීම පිළිබඳ දේශන පැවැත්විණ.