Print this page

ජනපති ජනතා සේවය වැඩසටහනක් ඉබ්බාගමුවේදී

ඔක්තෝබර් 12, 2017

නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩසටහන පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.  

නිල මෙහෙවර ජාතික වැඩසටහන 03 වන අදියර කුරුණෑගල, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ වව්නියා යන දිස්ත්‍රික්ක තුල ක්‍රියාත්මක වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 ක්‍රියාත්මක කර ඇත.

රජයේ අමාත්‍යාංශ 53 ක් සහ වෙනත් රාජ්‍ය ආයතන 80 ක් පමණ මෙම ජංගම සේවාව සඳහා සේවා සැපයීම සිදුකරන අතර ඉඩම් ඔප්පු ලබා දීම, ජාතික හැදුනුම්පත්  ලබා දීම ,  රියදුරු බලපත්‍ර ගබා දීම, ඇස් කණ්නාඩි ලබා දීම , දන්ත සායන , ඉඩම් ප්‍රශ්න නිරවුල් කිරීම, පොල් වගා කිරීමේ මණ්ඩලයේ  සේවාවන් , කෘෂි රක්ෂණ ., ගොවිජන සේවා , ආයුර්වේද දෙපාර්තමේන්තුව  ආදී සියලුම රාජ්‍ය ආයතන වලින් සේවාවන් මෙහිදී ලබා ගැනීමට අවස්ථාව සලසා තිබිණ.  

ජනපති ජනතා සේවා වැඩසටහන ආරම්භක අවස්ථාවේ කරන ලද සමීක්ෂණයට අනුව ක්‍රරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න 520,000 ක් හඳුනාගෙන ඇති බවත් එයින් 80,000 ක් පමණ  පිරිසට ජාතික හැදුනුම්පත් නොමැති ගැටලුව පවතින අය බවත් නිල මෙහෙවර පවත්වන මෙම භූමිය පින් බිමක් ලෙස සියලු සේවාවන් නොමිලයේ සහ කාර්යක්ෂමව ලබා ගැනීමට හැකි ස්ථානයක් බවත් මෙම වැඩසටහනට එක්වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට සර්ව ආගමික නායකයින් ,  වයඹ පලාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, වයඹ සංවර්ධන  අභ්‍යන්තර කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න , කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න, ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.එස්.මාරසිංහ යන මහත්ම මහත්මීන්  ද රාජ්‍ය නිලධාරීන් ඇතුලු විශාල ජනතාවක් සහභාගී වූහ.

 

කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය