අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට මිලියන 1500 ක්

    සැප්තැම්බර් 15, 2017
    පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් නිසා දිස්ත්‍රික්කයේ හානි වු මහාමාර්ග ප්‍ර‍තිසංස්කරණයට රුපියල් මිලියන 1500 ක  මුදලක් ඇස්තුමේන්තු ගත කර තිබේ. ආපදා තත්ත්වය නිසා මහමාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය හා පළාත්පාලන ආයතනවලට අයත් මාර්ග 360ක්  විනාශයට පත්විය. 
     
    පාලින්දනුවර, බුලත්සිංහල හා වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සමහර මාර්ගවලට විශාල ලෙස හානි සිදු වී තිබේ.
     
    මෙම සියලුම මාර්ග ප්‍රතිසංස්කරණය මේ දිනවල සිදුවෙමින් පවතින අතර මේ සඳහා ව්‍යාපෘති 360ක්  ක්‍රියාත්මක කර ඇත.
     
    මෙම ඉදිකිරිම් කටයුතු සඳහා රුපියල් මිලියන දහසක (1000) මුදල් ප්‍රතිපාදන රජය විසින් දැනටමත් නිදහස් කර ඇති අතර රුපියල් මිලියන 600 කට වැඩි ඉදිකිරිම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ.
     
    රුමිලියන දහයකට (10) වඩා වැඩි සෑම ව්‍යාපෘතියක්ම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන අතර සෙසු ව්‍යාපෘතින් මාර්ග අයත් අදාල ආයතනවල අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
     
    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහහතරමට (14) අයත් මාර්ග පද්ධතියට ආපදා තත්ත්වය නිසා හානි සිදුවිය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya