අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය පොලොන්නරුව සෙවනපිටියට

    සැප්තැම්බර් 13, 2017
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අලුතින් ඉදි කෙරෙන විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතු පසුගියදා පොළොන්නරුව සෙවනපිටියේ දී ආරම්භ විය.
     
    විශේෂයෙන් විදේශ පොළ ඉළක්ක කර ගනිමින් තත්ත්වයෙන් උසස් විසිතුරු මසුන් නිපදවීම මෙම අභිජනන මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ බව බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම මධ්‍යස්ථානය තුළ ගෝල්ඩ් ෆිෂ් (Gold Fish) හා කොයි කාෆ් (Koi Calf) නැමැති විසිතුරු මත්ස්‍ය දෙක අභිජනනය කෙරෙන අතර, එම මසුන් බෝවීම සම්බන්ධයෙන් ඉතා ඉහළ විභවයක් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ පවතින බව විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වී තිබේ.
     
    එමනිසා දැනට මෙම විසිතුරු මත්ස්‍ය වර්ග නිෂ්පාදනය කරන පොකුණු 600ක් පමණ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තිබේ. ඒ හැර වගාව සඳහා යොදා නොගන්නා මහවැලි ඉඩම් විශාල ප්‍රමාණයක් එම දිස්ත්‍රික්කයේ තිබෙන අතර ඒවායෙහි විසිතුරු මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණීන් මෙම විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය ඉදි කෙරේ. මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 150කි. එමෙන් වාර්ෂික නිෂ්පාදනය ගොල්ඩ් ෆිෂ් පැටවුන් මිලියන 30ක් වන අතර, කොයි කාෆ් වර්ගය මිලියන 2.4කි. ඒ අනුව සමස්ත මත්ස්‍ය පැටවුන් නිෂ්පාදනය වාර්ෂිකව මිලියන 32.4කි.
     
    දැනට සිංගප්පුරුව, එක්සත් රාජධානිය ඇතුළු රටවලින් අප රටේ විසිතුරු මසුන් සඳහා විශාල ඉල්ලුමක් පැවතියද තත්ත්වයෙන් උසස් විසිතුරු මසුන් සැපයීමට නොහැකිවීම නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් සිදු කිරීමට නොහැකි වී තිබේ. එමනිසා මෙම විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය තුළින් තත්ත්වයෙන් උසස් මත්ස්‍ය පැටවුන් වගාකරුවන්ට ලබා දීම අපේක්ෂාවයි.
     
    සෙවනපිටිය විසිතුරු මත්ස්‍ය අභිජනන වගා ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පසුගියදා ආරම්භ වු අතර එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් විසිතුරු මත්ස්‍ය අපනයනය මගින් ලබා දිය හැකි බවයි. එහෙත් පසුගිය කාලය තුළ මේ සදහා ප්‍රමාණවත් තරම් අවධානයක් යොමු නොකෙරුණ අතර විසිතුරු මත්ස්‍ය අපනයන කර්මාන්තය තුළ කැපී පෙනෙන වර්ධනයක් ඇති නොවිනි. නමුත් වත්මන් රජය විසින් විශේෂයෙන් අපනයනය පිණිස සිදු කෙරෙන නිෂ්පාදන වැඩි දියුණු කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කෙළේය.
     
    මෙම අවස්ථාවට ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති උපාලි මොහොට්ටි හා අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න යන මහත්වරු ඇතුළු විශාල  පිරිසක් සහභාගි වි සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya