Print this page

නිවිතිගල, පාතකඩ විද්‍යාලය ප‍්‍රතිසංස්කරණය කෙරේ

සැප්තැම්බර් 13, 2017
රත්නපුර දිස්ත්‍රික්කයේ පසුගියදා ඇති වූ හදිසි ගංවතුර සහ නායයාම් තත්ත්වයෙන් දැඩි ලෙස හානියට පත් නිවිතිගල, පාතකඩ විද්‍යාලය අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීමෙන් ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි. ඒ අනුව නිවිතිගල පාතකඩ විද්‍යාලයේ සිසු දරු දැරියන් මුණ ගැසීමට අමාත්‍යතුමිය පසුගියදා එක් වුණි. 
 
මේ වන විට සිසුන් 40 කට ආසන්න පිරිසක් පමණක් අධ්‍යාපනය ලබන මෙම පාසල අතීතයේදී දරුවන් 500 ගණනක් අධ්‍යාපනය ලැබූ ද්විතීයික පාසලකි. අධ්‍යාපනයට සහයෝගය ලබා දීම තම එකම කැමැත්ත කොට සලකන ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය මෙම පාසල යළි ප‍්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු පෞද්ගලිකව ඉටු කරනු ලබයි. ඒ අනුව අමාත්‍යවරියට ලෙබනන් රටේ සේවය කරන හිතවතුන්ගෙන් ලැබුණු ආධාර මත රුපියල් 250,000/- ක මුල්‍ය වියදමින් පාතකඩ විද්‍යාලයේ ගොඩනැඟිලි, විදුලි පද්ධතිය සහ පානීය ජලය ලබා ගන්නා ළිඳ ප‍්‍රතිසංස්කරණය කරන ලදි.
 
ඉදිරියේදී පළමු වසර සිට දහතුන වසර දක්වා අධ්‍යාපනය අනිවාර්ය කරන බවත් ජනාධිපතිතුමත් අගමැතිතුමත් මැදිහත් වීමෙන් අධ්‍යාපනයට විශ්ෂ්ඨ ස්ථානයක් දිය යුතුය යන මතයේ සිට අකිල විරාජ් අමාත්‍යවරයා ලඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ විශාල මුදලක් වැය කරමින් පළාත් සභාව, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ නිර්දේශය මත පාසල් තෝරා ගෙන කුමණ හෝ පහසුකමක් ලබා දෙන අතර ම 2018 ජනවාරි සිට සෑම පාසල් දරුවෙකුටම ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙහිදී පැවසුවාය.
 
මෙම අවස්ථාවට නිවිතිගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුවිනීතා මැණිකේ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.