මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ 20 සංශෝධනවලට යටත්ව සම්මත වෙයි

    සැප්තැම්බර් 12, 2017
    සබරගමුව පළාත් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධනවලට යටත්ව වැඩි  ඡන්ද 21 කින් සම්මත වී ඇත.
     
    සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12)  සබරගමුව පළාත් සභාව රැස්විය. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාගේ දැනුම්දීම අනුව මෙම පනත් කෙටුම්පත සභාපති කංචන ජයරත්න මහතා විසින් අද සභාව වෙත ඉදිරිපත් කරනු ලැබීය.
     
    සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා එම කෙටුම්පතට සංශෝධන හතරක් ඉදිරිපත් කරනු ලැබීය.
     
    20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතට අදාලව සභාපති කංචන ජයරත්න මහතා විසින් මෙහිදී ඡන්ද විමසීමක් සිදු කරනු ලැබීය.
    ඉන් අනතුරුව සභාපතිවරයා  පැවසූයේ, එම පනත් කෙටුම්පතට ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ඉදිරිපත් කළ සංශෝධනවලට යටත්ව ඡන්ද 29 කින් සම්මත වූ බවය. පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්ද 08ක් ලැබිණි.
     
    පනතට පක්ෂව එක්සත් ජනතා නිදහස් සංධානයේ මැති ඇමතිවරු 13දෙනෙකු ද,ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනාද,එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙකු ද  ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. එක්සත් ජනතා නිදහස් සංධානයේ  මන්ත්‍රීවරු 08දෙනෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය. අද මැති ඇමතිවරු තිදෙනකු නිවාඩු ලබා සිටි අතර පැමිණි මන්ත්‍රීවරු තිදෙනෙකු ඡන්දය දෙන අවස්ථාවේ සභා ගර්භයේ නොසිටියහ. සබරගමුව පළාත් සභාවේ පවතින මන්ත්‍රී ධූර ගණන 44කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya