අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුක්ති සහගත සංවර්ධනයක් රටට අවශ්‍යයි - අමාත්‍ය පාඨලී චම්පික

    සැප්තැම්බර් 12, 2017
    සංවර්ධනය අවශ්‍ය පිරිස ඉලක්ක කරගත් යුක්ති සහගත සංවර්ධනයක් රටට අවශ්‍ය බවත් අපේ කලාපයේ සෑම රටක් ම අද අපිව පසුකර සංවර්ධනය අතින් ඉදිරියට ගොස් තිබෙන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාමය බහුකාර්ය ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. 
     
    2019 වසරේ මෙහි ඉදිකිරීම් අවසන්වන අතර දක්ෂිණ කලාපීය මහනගර සංවර්ධන සැලසුමට අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 360 ක මුදලක් වැයකිරීමට අපේක්‍ෂිතය. 
     
    "අද මේ රටට සංවර්ධනය අවශ්‍යම පිරිස ඉලක්ක කරගත් යුක්ති සහගත සංවර්ධනයක් අවශ්‍යයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි රට වැසියෝ සියළු දෙනාම ගොඩවන සංවර්ධනයක් අවශ්‍යයි. තිස්සමහාරාමය කියන්නේ ඓතිහාසික ප‍්‍රදේශයක්, රටේ අනෙක් ප‍්‍රදේශවල ශිෂ්ඨාචාරය ගොඩනැගෙන්න කලින් වසර දස දහස් ගණනක සිට ඉතාම උත්කෘෂ්ඨ ගණයේ ශිෂ්ඨාචාරයක් ගොඩනැගුණු ප‍්‍රදේශයක්, පෙර අපරදිග යාකරන සමුද්‍රයේ සිදු වූ වෙළහෙළදාම්වලට දායක වූ අපේ ගොඩවාය වරාය වාණිජ මධ්‍යස්ථානයක්, දියුණු තාක්ෂණික ප‍්‍රදේශයක් සේම මේ රට වෙනුවෙන් අසීමාන්තිකව ලේ කඳුළු වගුරවපු වීරෝධාර ජනතාවක් සිටි ප‍්‍රදේශයක්. උතුරෙන් එල්ල වූ ආක‍්‍රමණ හමුවේ පෙරට ගොස් රට ගලවා ගත්තේ මාගම්පුරයේ අපේ වීරෝධාර හමුදාව. ඒ වගේම මෙරට වමේ දේශපාලනය නිසා විප්ලව ඕනෑ සමාජය වෙනස් කරන්න කියලා වැව්තාවුලූවල ටයර් සෑයවල්වල සෑහෙන්න අපේ දරුවෝ ජීවිත පූජා කරපු ප‍්‍රදේශයක්. ඒ නිසා ඔය රතු ධජවලට, බොල් සටන්පාඨවලට තරුණ ජීවිත බිලිකරන්න ඉඩ දෙන්න එපා. ඒ අයගේ සිහින මාලිගා, මනෝරාජික සිහින ලෝකේ කවදාවත් සැබෑ වෙන්නෙත් නැහැ. සැබෑ වෙලත් නැහැ. ජීවිත නාස්ති වෙනවා විතරයි. ඒ නිසා ඉදිරිය බලා යන්න හැමටම සාධාරණය ඉටුවෙන්න නම් කුසලතාවයට මුල්තැන දෙන ක්‍රියාවලියකට රට ගමන් කළ යුතුයි".
     
    "අපි හැමදාම පසුපසට ගිය ජනතාවක්, අපි අපේ අවස්ථා නැතිකරගත්ත ජනතාවක්, අපේ කලාපයේ සෑම රටක්ම අද අපිව පසුකර ඉදිරියට ගොස් තිබෙනවා. 60 - 70 දශකයන්වලදී මේ රටේ මුඩුක්කුවාසීන්ට කිව්වේ කොරියාව කියලා. අද ඒ කොරියාවේ සැම්සුන් එක, හුන්ඩායි එක, එල්.ජී. එක මෙරට පමණක් නෙමෙයි මුළු ලෝකෙම පැතිරිලා ගොස් තිබෙනවා. ඔදවත් තෙදවත් බලගතු ජාතියක් කොරියාව බිහිකර තිබෙනවා. ඒ වගේම එදා මාලුවාඩියක් ලෙස තිබූ සිංගප්පූරුව, ලෝකේ ප‍්‍රධාන නැව් තොටුපල, ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත් වුණා. එදා ලී ක්වාන් යූ කිව්වේ සිංගප්පූරුව කොළඹක් කරනවා කියලා. ඒ ගැන කියලා වසර 12 කට පසු සිංග්ගපූරුවේ විප්ලවයක් සිදු කළා. 77 දී අපේ ජයවර්ධන ජනාධිපතිතුමා සිංගප්පූරුවට ගිහින් ඇවිත් කිව්වේ මම ලංකාවත් සිංගප්පූරුවක් කරනවා කියලා. පරම්පරාවක වෙනසක් ඒ විදිහටයි ඇති වූනේ. අපේ කොළඹ වරාය සුද්දා දාල යනකොට ලෝකේම 5 වැනි තිබූණු වරාය, වාමාංශික වැඩවර්ජනවලින්, උද්ඝෝෂණවලින්, පෙළපාලිවලින් එම වරාය බිමටම වැට්ටුවා. ලී ක්වාන් යූ මැතිතුමා රචනා කළ තුන්වෙනි ලෝකයෙන් පළවෙනි ලෝකයට කියන තමන්ගේ ජීවිත කතා පොතේ ලියලා තිබෙනවා, ඔය උද්ඝෝෂණ කරන, ගිරිය පුප්පගෙන කෑගසන දේශීය සම්පත් ගැන කතා කරන වාමාංශික පුද්ගලයෝ ඔක්කොටම විශාල වශයෙන් ස්තූති කරන බව, කොළඹ වරාය වැඩවර්ජන කරලා, නැව් එන්නැති තැනට වට්ටවලා සිංගප්පූරුව හදලා දුන්නට කියලා. ඩුබායි ඇතුළු අපේ අවට කලාපයේ රටවල් ගණනාවක් අධිෂ්ඨානයෙන් ඉදිරියට ගිහින් තමන්ගේ රටවල් හදාගත්තා. ඒ නිසා අපි ඉදිරියට යන්න නම් කුසලතාවයට මුල්තැන දෙන රටක් ඇතිකළ යුතුයි. ඒ රට ගොඩනැගුණ හැටියේ මේ පුංචි රට, මහ රටක්වන එක කාටවත් වලක්වන්න බැහැ".
     
    "මෙම ඓතිහාසික තිස්සමහාරාම ප‍්‍රදේශය ඉදිරිකාලයේදී මහා වෙනසකට ලක්වෙන්න තිබෙන ප‍්‍රදේශයක්. විධිමත් නාගරිකරණයක්, විධිමත් අධ්‍යාපන ක‍්‍රමයක්, විධිමත් දේශපාලන නායකත්වයක් මගින් ඔබේ දරුවන්, පෙර රජදරුවන් මෙන් මෙරට පමණක් නෙමෙයි විශ්වයේම බැබලෙන දරු පරම්පරාවක් බවට මාගම්පුරයේ තිස්ස ඓතිහාසික ජනතාව පත් කරගන්න. ඊළඟ මැතිවරණවලදීත්, ඒ පවුල්කාමයෙන්, ධනකාමයෙන් මත් වූ මුදල් පොට්ටනි ගහගෙන රටේ ජනතාවට බොරු දේශප්‍රේමය හදාගෙන ගිය ගමන වෙනුවට රටට, ගමට, පීඩිත ජනතාවට ඇත්තටම ආදරය කරන නව ගමනකට රට සූදානම් කරන්න කියලා ඉල්ලා සිටිනවා"යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya