අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තුරුමිහිර” කුඹුක් පැළ ලක්ෂයක් සිටුවීමේ සත්කාරය

    අගෝස්තු 24, 2017
    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ගරු කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ සංකල්පයකට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජලාධාර ආශ්‍රිතව කුඹුක් පැළ ලක්ෂයක් සිටුවීමේ “තුරුමිහිර” මහා පරිසර සත්කාරය සබරගමුව රුක්රෝපණ මහජන ව්‍යාපාර විසින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
     
    ඒ   අනුව  25දා පෙරවරු 09.00 ට  ගොඩකවෙල නියංගම උඩවෙල්යායේ දී නියෝජ්‍ය අමාත්‍ය  කරුණාරත්න පරණවිතාන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත ආරම්භ කෙරේ.
     
    පාසල් පරිසර භට කණ්ඩායම් හා සිවිල් සංවිධානවල මැදිහත්වීමෙන් ජලාධාර ආශ්‍රිතව කුඹුක් පැළ සිටුවීමට අපේක්ෂිත අතර එසේ සිටුවනු ලබන සෑම පැළයක්ම රැකබලා ගන්නා භාරකරුවෙකු සහතික කෙරෙන අනවරත රුක් රෝපණ ක්‍රමයක් ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.  
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya