අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර අධිකරණමය බල ප්‍රදේශ සංශෝධනය කෙරේ

    අගෝස්තු 23, 2017
    මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය සහ අංකුඹුර පොලිස් බල ප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරී වසම්වල ජනතාවගේ පහසුව උදෙසා අධිකරණ බල ප්‍රදේශය සංශෝධනය කර දෙන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු ඉල්ලීමක් සඳහා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.  
     
    ඒ අනුව ජනතාවගේ අවශ්‍යතාවය සළකා බලා එම අධිකරණමය බල ප්‍රදේශ සංශෝධනය කරදෙන ලෙස මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව මගින් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කොට තිබේ.
     
    මේ වන විට පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල කටයුතු සිදු කෙරෙන්නේ ගලගෙදර අධිකරණයෙනි. නමුත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටම අයත් අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල අධිකරණමය කටයුතු සිදු කෙරෙන්නේ මහනුවර අධිකරණයෙනි. මේ නිසා අංකුඹුර ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ට තම අධිකරණමය කටයුතු සඳහා වැඩි දුරක් ගෙවා මහනුවරට පැමිණීමට සිදුවීම ප්‍රායෝගික දුෂ්කරතා රැසකට හේතුවන බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි. ජනතාව පෙන්වා දෙන්නේ අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම්වල අධිකරණ කටයුතු ද ගලගෙදර අධිකරණ බල ප්‍රදේශයට ඇතුලත් කර ගත හැකි නම් එය ඔවුන්ට වඩාත් පහසුවක් වන බවයි.
     
    ප්‍රදේශවාසින්ගේ මෙම ඉල්ලීමට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවෙන්ද අනුමැතිය ලැබී ඇති බැවින් අධිකරණ අමාත්‍යංශය මගින් මේ පිළිබඳ සොයා බලා සුදුසු පියවර ගනු ඇති බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව් සම සභාපති සමාජ සවිබල ගැන්විම් සුබ සාධන හා උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya