මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී ගම දියුණු කරගන්න දේශපාලඥයින් ලඟට යාම අවශ්‍ය නැහැ - ධීවර ඇමැති

    අගෝස්තු 23, 2017
    ගමට වැඩක් කරගන්න දේශපාලඥයා ළඟට ගොස් ලියුම් ලබා දුන් කාලයට තිත තබමින් ගමට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට වැවක් සමඟ ගමක් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ කටයුතු සම්පාදනය කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසූයේ  ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන වැවක් සමඟ ගමක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තම්මැන්නාව ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනී. තම්මැන්නාව ගම වැවක් සමඟ ගමක් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ සංවර්ධනය වන 35 වන ගම්මානයයි.
     
    "වැවක් සමඟ ගමක් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගමේ සංවර්ධනය සඳහා ඔබ ඉල්ලන සියලු පහසුකම් ලබා දීමට අපි සුදානම්. මේ ප්‍රදේශයට පානීය ජලය නැතිකම විශාල අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව මගහරවමින් රුහුණුපුර ජල යෝජනා ක්‍රමය යටතේ මේ තම්මැන්නාව ගමටත් පානීය ජලය ලබා දීමට අප කටයුතු කරනවා. එවිට පැය 24 පුරාම අපහසුතාවයකින් තොරව ජලය ලබා ගැනීමට ඔබට පුළුවන්. මා මෙම ප්‍රදේශයේ ඇති තවත් අඩුපාඩු පිළිබඳ විමසූ විට මූලික අවශ්‍යතාවයක් ලෙස පෙන්වා දුන්නේ අයිස් යන්ත්‍රාගාරයක් නොමැති බවයි. එම අයිස් යන්ත්‍රාගාරයක් නොමැතිකමින් මාළු අස්වැන්න වැඩි දිනවලදී මාළු කල් තබා ගැනීමට නොහැකි බවද ප්‍රදේශයේ ජනතාව මට දැනුම් දුන්නා. ඒ නිසා ප්‍රදේශයට අවශ්‍ය අයිස් යන්ත්‍රාගාරය හදන්න අවශ්‍ය මුදල් මෙම වැඩපිළිවෙළ යටතේ අපි ඔබේ ගමට ලබා දෙනවා" යැයි ද පැවසීය.
     
    "එපමණක් නොවෙයි මාළු අස්වැන්න වැඩි කාලයට දුම් ගැසූ මාළු හදන්න ඔබට අධාර කරන්නත් අපි කැමතියි. ඒ සඳහා අප නාරා ආයතනයේ සහය ලබාගන්න පුළුවන්. නව තාක්ෂණය උපයෝගී කරගනිමින් දුම් ගැසූ මාළු සකස් කිරීම පිළිබඳ ව උනන්දුවන්නන් පුහුණු කිරීමේ අරමුණින්  නාරා ආයතනය මඟින්  විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා". 
     
    තාක්ෂණය යොදා ගනිමින් මසුන් සැකසීමට සූදානම් පුද්ගලයින් හට ඒ සඳහා මුදල් ප්‍රතිපාදන හා තාක්ෂණ දැනුම ලබා දීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සූදානම් බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා  මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya