ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු බෙදා දීමේ කඩිනම් ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය අද (21) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ අනුව එළෙඹෙන ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය සහ කරන්දෙණිය යන ප්‍රදේශවල ඉඩම් අයිතිය නොමැතිව කාලයක් පදිංචිව සිටි පුද්ගලයන්ට හිමිකම් ඔප්පු 4000ක් පමණ බෙදා දීමට කටයුතු යොදා ඇත.