අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි සලාක බෙදා දීම සාර්ථකව- අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්

    අගෝස්තු 19, 2017
    නියඟයෙන් පීඩාවට පත්, අනුරාධපර දිස්ත්‍රික්කයේ ජනතාවට වියළි ආහාර සලාක ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ස්ථාන කිහිපයකින් යම් ගැටළු වර්තා වුවද අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදෙමින් ඒවා විසදීමට  කටයුතු කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා පැවැසීය. 
     
    සහනාධාර ලබාගැනීමේ දී  අදාල ප්‍රදේශවල ආරම්භ කර තිබෙන වැඩබිම්වල,  පවරන ලද කටයුතු සිදු කීරීම අනිවාර්ය වේ. අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වන විට එබදු වැඩබිම් 1013 ක් ස්ථාපිත කර තිබේ. සලාක ලබාදීම සමුපකාර ප්‍රාදේශිකයන් ගෙන් හා සතොස හරහා සිදු කෙරේ. 
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයට බලපෑ නියඟයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 264,344 කි. එයින් පවුල් 157,503 ක් සදහා වියළි සලාක පිරිනැමේ. එයට පුද්ගලයින් දෙදෙනෙකු සිටින පවුල් 60005 ක් හා පුද්ගලයින් තිදෙනෙකුට වඩා වැඩි පවුල් 97,498 ක් අයත් ය. පළමු අදියර යටතේ  මෙම වියළි සලාකය මාසයක් පුරා ලබාදීමට රජය සැලසුම් කර ඇති අතර මුල් සති දෙක සඳහා ප්‍රතිපාදන සම්පුර්ණයෙන්ම ලැබී තිබේ. එම මුදල තිස්  හය කෝටි තිස් හත් ලක්ෂ පනස් පන්දහසකි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya