අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරත වන්නන්ට දැණුම හා ආධාර

    අගෝස්තු 18, 2017
    තංගල්ල ප්‍රදේශයේ ගඩොල් කර්මාන්තයේ නිරත නව පිරිස් සඳහා ආධාර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
     
    ඒ යටතේ ප්‍රදේශයේ ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරත හා අලුතින් මෙම කර්මාන්තයට එක්වීමට කැමැත්තක් දක්වන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් තංගල්ලේ දී පැවැත්විණ.
     
    මෙම දැනුවත් කිරීමෙන් අනතුරුව ස්වයං රැකියාවක් ලෙස ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරත වීමට කැමති පිරිස් හා දැනට එම කර්මාන්තයේ නිරතව සිටින පිරිස් පිළිබඳ අධ්‍යනයක් කර ඔවුන්ට මුල්‍යාධාර ලබාදීමට සැලසුම් කර ඇත.
     
    මේ අනුව වඩා ඵලදායි ලෙස මෙම කර්මාන්තයේ නිරත වීම සහ ස්වයං රැකියාවක් ලෙස මෙම ගඩොල් කැපීමේ කර්මාන්තයේ නිරතවෙමින් වැඩි ආදායමක් උපයාගැනීම පිළිබඳ ව එම ස්වයං රැකියා ලාභීන් දැනුවත් කිරීම සිදු කෙරිණ. මේ සඳහා තංගල්ල කොට්ඨාශයේ ස්වයං රැකියාවක් ලෙස ගඩොල් කැපීමේ කර්මාන්තයට අලුතින්  එක්වීමට බලාපොරොත්තුවන 60 දෙනෙකුට ආසන්න පිරිසක් ඇතුළු ව 150 දෙනෙකුට අධික පිරිසක් එක්ව සිටියහ.
     
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හරහා මෙම පිරිස් වෙනුවෙන් ඉදිරියේදී මුල්‍යාධාර ලබාදීම සිදුකිරීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya