Print this page

කෑගල්ලේ තරුණයන්ට ව්‍යවසායකත්ව පුහුණු පාඨමාලාවක්

අගෝස්තු 12, 2017

තරුණ ව්‍යවසායකයින් මුහුණ දෙන සියලු ගැටලුවලදී ඔවුන් හා අත්වැල් බැඳගනිමින් අවශ්‍ය සවිබල ලබාදීමට කෑගල්ල දිස්ත්‍රික් රාජ්‍ය තන්ත්‍රය නිරන්තරයෙන් කටයුතු කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.


දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සියල්ල ආවරණය වන පරිදි තෝරාගත් තරුණ තරුණියන් 29 දෙනෙක් සඳහා පවත්වන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ප්‍රභාත් උදාකර, කෑගලු දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂිකා අශෝකා පුෂ්පලතා මහත්මිය ඇතුළු කුඩා ව්‍යාපාර අංශයේ ව්‍යවසායකත්ව පුහුණු නිලධාරීවරුන් පිරිසක් ද සහභාගී වූහ.

තරුණ සේවා විශ්වවිද්‍යාලයේ බටංගල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන දින 12 ක මෙම නේවාසික පුහුණු පාඨමාලාව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය විසින් සංවිධානය කර ඇත.

 

කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය