අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ව මාතර රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කෙරේ

    මැයි 18, 2017
    යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
     
    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ විධායක, වැඩසටහනේ සම්බන්ධීකාරක වින්ස්ටන් පතිරාජ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසුම් කමිටුවේ සභාපති ලාල් විජේනායක සහ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අතිරේක ලේකම් රාජ නීතිඥ යුරේෂා ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් විසින් මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී.
     
    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ මගපෙන්වීම යටතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya