මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුවක්

    අප්‍රේල් 24, 2017

    මහනුවර නගරයේ රථ වාහන තදබදයට ප්‍රධාන හේතුව පොදු ප්‍රවාහන පද්ධතිය යටපත් කරමින් පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ඒම බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    1987 වර්ෂයේ සිට මේ දක්වා සලකා බැලීමේ දී 80% සිට 50% දක්වා පොදු ප්‍රවාහන පද්ධතිය පහත වැටී ඇති බවත් පෞද්ගලික ප්‍රවාහනය ඊට සාපේක්ෂව ඉදිරියට පැමිණ ඇති   නිසා නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

     

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (23)  මහනුවර ටොපෑෂ් හෝටලයේ පැවැති මහනුවර උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කිරිම පිළිබද  මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වූ අවස්ථාවේදීය.

     

    මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා රුපියල් මිලියන 15,000 වෙන් කර ඇති බවත් එයින් නගරයේ රථවාහන තද බදය අඩු කිරිම, නාගරික ජල සම්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම, අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, සහ නාගරික පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව  අමාත්‍යවරයා පැවසීය.

     

    තවදුරටත් මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කටුගස්තොට සිට මඩවල හරහා දිගන දක්වා ඇති අතුරු පිවිසුම් මාර්ගය, ධර්මාශෝක මාවත පුළුල් කිරිම, මැද ඇල ප්‍රතිසංස්කරණය කිරීම, නුවර වැව ප්‍රතිසංස්කරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් අනෙකුත් ව්‍යාපෘති මෙම වසරේ සහ ලබන වසරේ ආරම්භ කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් යන බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya