අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි නිවාස ලොතරැයියෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජයග්‍රාහකයින් 20කට රුපියල් ලක්ෂ 40ක්

    අප්‍රේල් 20, 2017

    සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2016 දෙසැම්බර් මස දිනුම් ඇදීමට අදාල ජයග්‍රාහකයින් 20කට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීම ඊයේ (19) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කෙරිණි.

    මෙම ලොතරැයි දිනුම් ඇදිම නිවාස අවශ්‍යතාවය ඉටුකිරිම සඳහා අතදිමක් වශයෙන් සමෘද්ධි ආධාරලාභීන් අතර සිදුකරන ලදි. දැනට පවතින නිවස අලුත් වැඩියා කිරිම හෝ නව නිවසක් ඉදිරිකිරිම සඳහා මෙම මුදල් ප්‍රදානය කරන ලදි.

     

    ජයග්‍රාහකයින්ගේ නිවාස අවශ්‍යතාව සම්ර්‍පූර්ණ වී තිබේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ළුලදායි ආදායම් උත්පාදන ව්‍යාපාර කටයුත්තකට මෙම මුදල යෙදවිය හැකිය.

     

    පුද්ගල ජීවන තත්ත්වය උසස් කරලිම තුළින් රටේ සංවර්ධනයට දායකත්වයක් සැපයිය හැකි,යැපුම් මානසිකත්වයෙන් මිදුනු ජනතාවක් බිහිකිරිමේ අරමුණින් මෙම ලොතරැයි මුදල ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව,දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya