අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල මාධ්‍යවේදීන්ට මනෝවිද්‍යා උපදේශණ වැඩසටහනක්

    අප්‍රේල් 18, 2017

    සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ දිස්ත්‍රික් උපදේශන අංශය මගින් ජනමාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

    රාජ්‍ය නිලධාරින් ජනතාවගේ  ප්‍රශ්න දකින්නේ කාර්යාලයේ සිට වුවත් මාධ්‍යවේදීන්  අදාළ ස්ථානයට ගොස් ප්‍රශ්න හැඳිනගැනීම සිදුකරන බැවින් ඒ පිළිබඳව ගැබුරින් අධ්‍යනය කරයි.  මේ නිසා ජනතා ප්‍රශ්න මාධ්‍යවේදීන්ට වැඩි වශයෙන් දැනෙන බැවින් ඒවා ඵලදායීව වාර්තාකරණය සදහා උපදේශන වැඩමුළුව ප්‍රයෝජනයට ගන්නා ලෙස මෙම අවස්ථාවට එක් වූ කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ‍ලේකම්   කමල් අමරසිංහ මහතා පෙන්වා දුන්නේය.

    ලංකාවේ දරුවන්ගෙන්  17 %  -  20 %  ප්‍රමාණයක් මානසික රෝගවලට  ගොදුරු වී ඇති බවත් යම් සිදුවීමක් වාර්තාකරණයේ දී සිදු වූ ආකාරයට වඩා එය වලක්වා ගැනීමට කළයුතුව තිබූ දේ වාරුතාකරණය වැදගත් බව මෙම අවස්ථාවට එක් වූ කුරුණෑගල මහ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ චමරී මුදලිගේ මහත්මිය පෙන්වා දුන්නාය.

    මෙහිදී  අනුරාධපුර දිස්ත්‍රික් මනෝවිද්‍යා උපදේශන නිලධාරි ගාමිණී රත්නායක, පොල්ගහවෙල මනෝවිද්‍යා උපදේශන නිලධාරි රනිල් කුමාරසිංහ යන මහත්වරුන් සම්පත්දායකයින් ලෙස කටයුතු කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya