Print this page

රත්නපුර සංඛාලේඛන නිලධාරීන්ට ටැබ්ලට් පරිගණක

අප්‍රේල් 17, 2017

කාලීන දත්ත සැපයීම වඩාත් කාර්යක්ෂම  කිරීමේ අරමුණින් දිවයින පුරා සෑම ප්‍රා‍දේශීය ලේකම් ‍කොට්ඨාසයකටම අනුයුක්ත කර ඇති සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා ටැබ්ලට් පරිගණක බෙදාදීමේ වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සංඛ්‍යාලේඛන නිලධාරීන්ට ටැබ්ලට් පරිගණක ලබාදීම පසුගියදා සිදු කළ බව රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම වැඩසටහන කොරියානු රජයේ අනුග්‍රහයෙන් සිදු කරනු ලැබේ.

2017 මාර්තු මස සිට ශ්‍රි ලංකා ශ්‍රම බල සමීක්ෂණ මෙම ටැබ්ලට් පරිගණක ආශ්‍රයෙන් සිදු කරනු ලබයි. (Computer Aid Personal Interview Method) රත්නපුර දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 සඳහා අනුයුක්ත කර ඇති ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා මෙම පරිගණක ලබාදීම අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතා අතින් සිදු කෙරිණි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  ශ්‍රී ලංකාවේ සමාජීය , ආර්ථික හා ප්‍රජා විද්‍යාත්මක  තත්ත්වය ඇගයීමට අවශ්‍ය නිවැරදි හා කාලීන සංඛ්‍යාන තොරතුරු එක්රැස් කිරීමෙන් සකස් කිරීමෙන් හා ප්‍රචලිත කිරීමෙන් ජාතික සංවර්ධනයට දායක වීමේ වගකීම දරයි.  මෙහිදී සමීක්ෂණ, සංගණන, පරිපාලන දත්ත, උපයෝගී කර ගත් අතර මීට පෙර දත්ත රැස් කිරීමේ දී මේ දක්වා කඩදාසි උපලේඛන යොදා ගන්නා ලදී.( Paper Aid Personal Interview Method).