මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තර ගංතෙර අසබඩ සමාධි බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් කටයුතු සොයාබලයි

    අප්‍රේල් 10, 2017

    බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගියදා සිදුකළේ ය.

    බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින අතර ඉදිරියේදී එය වන්දනාමාන කිරීම වෙනුවෙන් ඉදිරියේදී ජනාධිපතිතුමාගේ සුරතින් විවෘත කිරීමට නියමිතව ඇත.

     මෙම බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදිකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බෙන්තොට උඩකොටුව බෝධිසමීප රාජමහා විහාරාධිපති බෙන්තර ජිනානන්ද නාහිමිගේ ආරාධනාවෙන් ඇමති ගයන්ත කරුණාතිලක මහතා මෙම නිරීක්ෂණය සඳහා එක්විනි.

    මෙම අවස්ථාවට දකුණු පළාත්සභා මන්ත්‍රී ජයසිරි නානයක්කාර, බෙන්තර ප්‍රාදේශිය ලේකම් වසන්ත විතානගේ,බෙන්තර ප්‍රදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක නිලන්ත මැදගොඩ යන මහත්වරු අතුළු පිරිසක් එක්වූහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya