අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සමගිය හා සංහිදියාව පිළිබදව කෑගල්ලේදී වැඩසටහනක්

    අප්‍රේල් 08, 2017

    ජාතික සමගිය හා සංහිදියාව පිලිබද කාර්යංශය විසින් සංවිධානය කල සහෝදර පාසල් වැඩ සටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ගුරුවරු හා අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ඇතුළු නිළධාරීන් සදහා සිව් දින වැඩ සටහනක් පසුගියදා කෑගල්ල සණස මණ්ඩපයේ දි නිමාවට පත් විය.

    මේ සදහා සබරගමුව,බස්නාහිර හා උතුරු පළාත නියෝජනය කරමින් සිංහල,දෙමල හා මුස්ලිම් ජාතීන් නියෝජනය කරමින් 40 දෙනෙක් සහභාගි වී සිටියහ.පසුගිය දා පැවැති අවසන් දිනය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති හා ජාතික සමගිය හා සංහිදියාව පිලිබද කාර්යංශයේ සභාපති චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය සහභාගී වූවාය.

     

    එහි දී ඇය සණස අධ්‍යාපණ මණ්ඩපයේ දෙමල භාෂාව හදාරන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද හමු වූ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා දමිල භාෂාව ඉගනීම පිලිබදව අගය කරමින් උන් වහන්සේලා සමග අදහස් හුවමාරු කර ගත්තාය.

    බුදු දහමෙත් පෙන්වා දී තිබෙන්නෙත් සියලු දෙනා සාමයෙන් ජීවත් විය යුතු බවයි.ඔබ භික්ෂූන් වහන්සේලා වශයෙන් දමිල භාෂාව ගන ගැනීම වැදගත් මෙන්ම විශාල සේවයක් සිදු කිරීමට අවස්ථාව ලැබෙයි යයි අපේක්ෂා කරන බවද පවසා සිටියාය.

    මෙම අවස්ථාවට සණස නිර්මාණ පී.ඒ කිරිවන්දෙණිය,සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්‍රිය යන මහත්වරු ද සහභාගි වී සිටියහ මෙදින බණ්ඩාරණායක මහත්මිය විසින් සණස මණ්ඩපයට පැමිනීම නිමිත්තෙන් සණස පරිශ්‍රයේ මඩු පැළයක් ද රෝපණය කලාය.

    DMU/kagalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya