අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මසිරි සේනානායක 85 ජන්ම දින සැමරේ

    අප්‍රේල් 02, 2017

    හිටපු අමාත්‍ය දිවංගත ධර්මසිරි සේනානායක මහතාගේ 85 වෙනි ජන්ම දින සැමරුම ධර්මසිරි සේනානායක පදනමේ සභාපති සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

    මෙහි දී හිටපු අමාත්‍යවරයාගේ  ජන්ම දින සැමරුමට සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවක් කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ට හා පාසල් ජනමාධ්‍ය ගුරුවරුන් සහභාගීත්වයෙන් පැවැත් වූ බව එම දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ඩබ්.ආර්.ඩී.එස් රත්නායක , සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර  යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූ අතර මෙහි ප්‍රධාන දේශනය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසින් සිදු කරන ලදී.

    මෙම වැඩමුළුව සඳහා මාධ්‍යවේදීන් හා පාසල් ගුරුවරුන් 100 පමණ පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya