අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අභිමානී 2017 දිස්ත්‍රික් අලෙවි ප්‍රදර්ශනය අද සිට

    අප්‍රේල් 01, 2017

    සමෘද්ධි අභිමානී 2017  කළුතර දිස්ත්‍රික් අලෙවි ප්‍රදර්ශනය අප්‍රේල් මස 01 අද සිට ලබන 05 දින දක්වා කළුතර මහජන ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව කළුතර දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ බී.ඒ.සිතාරි උදයංගනී මහත්මිය පවසයි.

    සමජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි ප්‍රදර්ශනය විවෘත කෙරේ.

    සමෘද්ධි අභිමානී 2017 අලෙවි ප්‍රදර්ශනය දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අඩු ආදයම්ලාභී පවුල් සමෘද්ධි වැඩසටහන යටතේ විශේෂිත වූ ණය හා ආධාර ව්‍යපෘති මඟින් ස්වයං රැකියාලාභීන් බවට පත් කොට ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන අලෙවියට අවශ්‍ය කරන වෙළඳපොළ සොයාදීමත් ඔවුන් ජාතික හ අන්තර්ජාතික වෙළඳපොළ දක්වා රැගෙන යාමත් තුළින් රටේ ආර්ථිකයට මෙම ශ්‍රම බලකායේ සක්‍රීය දයකත්වය ලබාදීමත් මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya