මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය තුළ ඩෙංගු උවදුර මැඩලීමට නිලධාරීන්ට උපදෙස්

    මාර්තු 31, 2017

    පැතිර යන ඩෙංගු උවදුර වලක්වා ගැනීමට මසක් ඇතුළත යාපනය නගර පරිසරය යථාතත්වයට පත් කරන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.


     මේ දිනවල උතුරු පළාත තුළ පවතින ඩෙංගු උවදුර  සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වා එය මැඩලීමට අවශ්‍ය වැඩසටහනක් සංවිධානය කරන ලෙස  ආණ්ඩුකාරවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුනි.

    පවැති  සාකච්ජාවෙන් පසුව ආණ්ඩුකාරවරයා යාපනය නගරය නිරීක්ෂණ චාරිකාවකටද එක් විය.

    ඒ අතර ආණ්ඩුකරවරයා විසින් යාපනය දිස්ත්‍රික්කය තුළ ඇති කාණු පද්ධති හා ජලාශ වල තත්වය නිසි ආකාරව පවතින්නේ නැති බැවින් ඒවා ක්‍රමානුකූලව,නිසි පිළිවෙලකට ශුද්ධ පවිත්‍ර කරන ලෙසත් ඒ සදහා පදනම් වී ඇත්තේ මෙම ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් මගින් බැහැර කරනු ලබන අපද්‍රව්‍යත්,ප්‍රදේශයේ ජනතාව විසින් බැහැර කරන අපද්‍රව්‍යත් ක්‍රමානුකූලව බැහැර කිරීමක් සිදු නොවන නිසා බවද වැඩිදුරටත් පැවසු ආණ්ඩුකාරවරයා මසක් ඇතුළත ඒවාට අවශ්‍ය තැන් නිසි ආකාරව සකසන ලෙසටද නගරයේ අපවිත්‍ර වී ඇති ඇති කාණු පද්ධතිය හා ජලාශ ශුද්ධ පවිත්‍ර කර යාපනය නගරයේ ඇති සුන්දරත්වය හා වටිනාකම රැකගෙන සංචාරකයන්ටත්,ප්‍රදේශයේ ජනතාවටත් යහපත් සෞඛ්‍යකින් යුතුව ජීවනෝපාය කරගෙන යාමට ඉඩ සළසා දීමට කටයුතු කරන ලෙසට යාපනය මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ප්‍රධාන නගර සභාවේ සෙසු නිළධාරීන්ට උපදෙස් ලබා දි තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya