අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයන් ඇරඹේ

    මාර්තු 30, 2017

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයන් සඳහා පැමිණි කොරියානු කණ්ඩායම අද 30 දින චලෙයි හා මාදගල් බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමේ ශක්‍යතා අධ්‍යනයනවල නිරත වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධාන අමාත්‍යාංශය පවසයි.

    අනතුරුව ඔවුහු හෙට (31) ඩෙල්ෆ් බහුකාර්ය ධීවර වරායේ ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යනයේ නිරතවීමට නියමිතය .

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරීමට අදාළ මුලික ශක්‍යතා අධ්‍යනය සිදුකරන කොරියාවේ සාගර හා ධීවර අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත කණ්ඩායම වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.
             

    යෝජිත බහුකාර්ය ධීවර වරායන් ඉදිකිරිම , මුලික අධ්‍යනයන් , පහසුකම් සැලසීම , තාක්‍ෂණික පහසුකම් , ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ජා  කර තිබේ.

    මෙම බහුකාර්ය ධීවර වරායන්හි මුලික සැළසුම  නොමිලයේ සිදුකරදීමට කොරියාව කැමැත්ත පල කර ඇත. අදාළ බහුකාර්ය ධීවර වරායන් උඩප්පුව,චලෙයි,මාදගල්,ඩෙල්ෆ් සහ තංගල්ල ප්‍රදේශ ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා, කොරියාවේ සිදුකළ සංචාරයේ ප්‍රථිපලයක් ලෙස මෙම බහුකාර්ය ධීවර වරායන් ඉදිකරදීමට අවශ්‍ය පහසුකම් සැළසීමට කොරියාව ඉදිරිපත්විය.


    වැඩබලන ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සමග මෙම සාකච්ජාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් අබ්දුල් මජිඩ් මහතා , රාජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර මහතා , රාජ්‍ය අමාත්‍ය උපදේශක අයේෂ් රණවක මහතා ඇතුළු නිලධාරීන් සමග මුලික ශක්‍යතා අධ්‍යනයට පැමිණි නියෝජිත කණ්ඩායමේ ඇතුළු නියෝජිතයන් සහභාගී සිටියහ .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya