මෙහිදී විහාරස්ථාන ගැටළු , දහම් පාසල් ගැටළු, භික්ෂූ හැදුනුම්පත් පිළිබද ගැටළු, දහම් පාසල් හා විහාරස්ථාව ලියාපදිංචිය ඇතුළු ආදිය සදහා මෙම ජංගම සේවා තුළින් විසදුම් ලබාදීමට නියමිතව ඇත.
මෙම ජංගම සේවාවට සමගාමීව අක්ෂි සායනයක් හා වෙනත් රෝග සදහා වෛද්‍ය සායනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම සමාජ සේවා කටයුතු වල යෙදුණ භික්ෂූන් වහන්සේලා ඇගයීම හා දහම් පාසල් ගුරුවරු ලෙස නිස්සරණාධ්‍යාසයෙන් කරන ලද දහම් පාසල් ගුරු සේවා ඇගයීමක් ද සිදු කෙරේ.