Print this page

වතුරවිල වත්තහේන මාර්ගය ජනතා අයිතියට

මාර්තු 21, 2017

රුපියල් දෙකෝටි හැටඑක් ලක්ෂයක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කරන ලද වත්තහේන, තිබ්බෝටුවාව, වතුරවිල මාර්ගය ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිනි.

දිගින් කිලෝමීටර් 3.5ක් පමණ වන මෙම මාර්ගය ඔසසේ  වතුරවිල ආරාණ්‍ය සේනාසනයට පිවිසීම හා නිවාස රැසකට ගමන් කිරීම සිදුවේ.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීමකට අනුව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා මාර්ග අමාත්‍යංශය යටතේ ලබාදී තිබේ.