කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ. විශේෂයෙන් මේ සඳහා එක් ජල මුලාශ්‍රයක් සංරක්ෂණය කිරිම සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබා දීමට නියමිතය.
ජල මුලාශ්‍ර සංරක්ෂණය කිරීමෙන් පසුව පානීය අවශ්‍යතා සඳහා පමණක් එම ජලය ලබා ගැනීමට කටයුතු කරන බව මේ පිළිබඳව කළ විමසීමේදී කෑගල්ල දිස්ත්‍රික් ඉඩම් පරිහරණ දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කර සිටි.