මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් මාතරදී

    මාර්තු 12, 2017

    මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මනෝ විද්‍යාත්මක උපදේශන වැඩමුළුවක් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැති බව මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    එහි දී ප්‍රචාරණයේ දී මනෝ විද්‍යාත්මක ක්‍රම ශිල්ප භාවිතය සහ එහි බලපෑම පිළිබඳව රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තිලක් විජේසුරේන්ද්‍ර මහතා විසින් ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කරන ලදි. රුහුණ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය කේ.කේ.ජී.ජයසිංහ මහතා විසින් මනෝ විද්‍යා විෂය සහ මාධ්‍ය භාවිතය පිළිබඳව කරුණු දැක්වී ය.

    මෙම වැඩමුළුව සඳහා මාතර දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් සහභාගි වී සිටියහ.

    මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදේශකත්වය යටතේ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යංශයේ උපදේශන අංශයේ මාතර දිස්ත්‍රික් උපදේශන සහකාර එල්.රසාංගිකා සෝමනාථාරච්චි මහත්මිය විසින් වැඩමුළුව සංවිධානය කළ බව එම මාධ්‍ය ඒකකය වැඩදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya