Print this page

ව්‍යාපාර සායනයක් සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනයක් මාර්තු 13, 14 මාතර දී

මාර්තු 11, 2017

''වාණිජ රහස් මගින් ඉසුරින් ජීවත්වීමේ කලාව'' තේමාව කර ගනිමින් දකුණු පළාතේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය වන රුහුණ විශ්ව විද්‍යාලය සහ දකුණු පළාත් සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ව්‍යාපාර සායනය සහ අධයාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු මස 13 වැනිදා පෙ.ව.9.30 ට රුහුණ විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී ආරම්භ කෙරේ.

මෙහි ප්‍රධාන ආරාධිතයින් වශයෙන් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සහ රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතා සහභාගි වීමට නියමිත ය.

ව්‍යාපාර සායනය සහ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු මස 13 හා 14 දෙදින පුරා පැවැත්වේ.

ප්‍රධානතම විශ්ව විද්‍යාල විද්වතුන්ගේ විශේෂඥ දැනුම හා සම්භාෂා, බැංකු ණය හසුකම්, විධිමත් ලෙස ව්‍යාපාර ලියාපදිංචිය, මූල්‍යමය හා නීතිමය ගැටළු සඳහා විසඳුම්, අපනයන වෙළඳ පොළ සම්බන්ධ දැනුම, ව්‍යාපාර සැලසුම් සැකසීම සඳහා සහායවීම, ව්‍යාපාර සඳහා අවශ්‍ය ශ්‍රමය හා පුහුණුව, නව අවස්ථා හඳුන්වාදීම, රැකියා පොළ, ආයුර්වේද අලෙවි ප්‍රදර්ශනය, නව නිපැයුම් සහ නවෝත්පාදන, නිෂ්පාදන සඳහා වෙළඳපොළ හඳුන්වා දීම ආදී සේවාවන් රැසක් මෙහි දී ලබාගත හැකි ය. අදාළ සේවාවන් සැපයීම සඳහා දායක වන ආයතන හා සම්පත් දායකයින් මේ අවස්ථාවට සහභාගි වේ.