Print this page

රාජ්‍ය වෙසක් උත්සවයට ආධ්‍යාත්මික වැඩසටහන් රැසක්

මාර්තු 08, 2017

2017 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් රැසක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවා ඇත.

මේ යටතේ 50 කු සහභාගී වු දසදින භාවනා වැඩසටහනක් අනුරාධපුරය කේන්ද්‍රව පැවැත්විණි . මෙයට අමතරව 350 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එක්දින භාවනා පුහුණු වැඩසටහනක් ද පසුගිය දා කෑගල්ලේ දී පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය මේ සඳහා දායකත්වය ලබා දී තිබුණි.