අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන්ගේ රසඥතාව වර්ධනය කිරීමේ වඩැසටහනක් කෑගල්ලේ දී

    මාර්තු 08, 2017

    රාජ්‍ය නිලධාරීන්ගේ රසඥතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමන් පනාපිටිය මහතා විසින් මෙහෙය වන ලද “ප්‍රාසාංගික හෙළ ජන ගී මියැසිය” සංගීත වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    ජන කවිය ජන සමාජයේ සියළුම අංශ කෙරේ බලපා ඇති අයුරු විවිධ ජන ගී අනුසාරයෙන් ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදු කෙරිණි. මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර, රුක්මණී ආරියරත්න, කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් , සාහිත්‍ය බල මණ්ඩල සාමාජිකයන්, දිස්ත්‍රික් කවි සමාජයේ සමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya