අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක නිවාස ඉදි කිරීමට බාල දක්ෂයින්ගේ ශ්‍රම දායකත්වය

    මාර්තු 06, 2017

    පසුගිය වර්ෂයේ අධික වර්ෂාව හේතුවෙන් අරණායක ප්‍රදේශයේ නායයාම් හා අධිඅවධානම් කලාප වල ජීවත් වූ ජනතාව සඳහා අරණායක ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ කලුගල ග්‍රාම සේවා වසමේ නිවාස 80 ක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    ඉන් නිවාස 40 ක් රාජ්‍ය නොවන සංවිධායක් මගින් ඉදි කරනු ලබන අතර එම නිවාස 40 හි ඉදිකිරීම සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ පාසල් 10 ක බාලදක්ෂ කණ්ඩායම් වල 150 ක් පමණ දෙනා ශ්‍රම සහභාගිත්වය ලබාදිමේ වැඩසටහනක් ද  පසුගියදා පැවැත්විණි.

     

    මෙම අවස්ථාවට එම පාසල්වල බාලදක්ෂ කණ්ඩායම් භාර ගුරුවරුන්ද , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපති ශ්‍රීනාත් ගුණරත්න, කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් දීපාල් ගුණවර්ධන හා ජපානයේ ක්වාංෂි ලාකුෂිං විශ්වවිද්‍යාලයේ අදෂි හෂේන් ආචාර්යවරයා ඇතුළු ජපානයේ  ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 20 ක් ද සහභාගි වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya