මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්ත මාර්ග සති සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියර මාතලේ විල්ගමුවේ දී ආරම්භ වෙයි

    මාර්තු 02, 2017

    දීප ව්‍යාප්ත මාර්ග සති සංවර්ධන ව්‍යාපෘතියේ 6 වන අදියර යටතේ මාතලේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග‍්‍රාම නිලධාඅරි වසම් 39 ක ග‍්‍රාමීය මාර්ග ව්‍යාපෘති 102 ක සංවර්ධන කටයුතු ආරම්භ කෙරේ.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක කෙරෙන මාර්ග සති සංවර්ධන වැඩසටහනමාතලේ විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානයේදී ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ   ප‍්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.

    විල්ගමු පුබුදුව මාර්ග සති වැඩසටහන මඟින් මාර්ග සංවර්ධනයට අමතරව අධ්‍යාපන   සංස්කෘතික කටයුතු, සෞඛ්‍යය,පරිසර නිවාස, කෘෂිකාර්මික කටයුතු ඇතුළු ක්ෂේත‍්‍ර රැසක් ආවරණය වන පරිදි ජනතාවගේ අවශ්‍යතාවයන්ට මූලිකත්වය දෙමින් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    දින 08 ක් අඛණ්ඩව ක‍්‍රියාත්මක වන මාර්ග සති වැඩසටහනේ මාර්ග සංවර්ධන කටයුතු ග‍්‍රාම නිලධාරි   වසම් 39 ක් ආවරණය වන පරිදි මාර්ග ව්‍යාපෘති 102 ක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 880 කි.

    මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍රනි   රෝහිණි කුමාරි විජේරත්න කිවිරත්න මහත්මිය, ඇතුළු ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya